මේ ප්‍රශ්නය මට යොමුවුන හැම වෙලාවකම මම නැවත ප්‍රශ්නය යොමුකල කෙනාගෙන් අහන ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
1. ඔබේ පවුලේ සාමාජිකයන් කීදෙනෙකු ඉන්නවද?
2. ඔබට බාහිරින් ලැබෙන උදව් ප්‍රමාණවත්ද?
විශාල ගෙවත්තක් හෝ උදව්වට අත්තම්මා සහ සීයා සිටින ගෙදරක දරුවන් පෙර පාසල යැවීමට උත්සුක විය යුතු නැති බව තමයි ඔබ වගේම මමත් හිතන්නේ. නමුත් ගෙදර ඉන්නේ අම්මා තාත්තා සහ දරුවා පමණක් නම් දරුවා වයස 21/2වනවිට පෙර පාසලට භාර දෙන්නට කියා මම කියනවා.
ඇයි මම මෙහෙම කියන්නේ, න්‍යෂ්ටික පවුලක සෑමවිටම සිදුවන්නේ අවුරුදු 2 ට වඩා වැඩි දරුවා tab එකක් හෝ රූපවාහිනිය ඉදිරියේ වාඩි කරවා අම්මා කුස්සිය ආහාර පිසීම හෝ අනෙක් දරුවන් නැලවීමයි. දරුවාගේ ස්වභාවික හැසිරීම් නිසා අනෙක් වැඩ වලින් හෙම්බත්ව සිටින අම්මා දරුවා සමග ගැටෙනවා මෙය පොදුවේ මට කතා කරන සෑම පවුලකම මම දකින දෙයක්.
මගේ බබාට නම් alphabet එකේ අකුරු ඔක්කොම පුළුවන්, මම කියල දීල නෙමෙයි, වීඩියෝස් බලලා, අම්මලා මෙහෙම කියන්නේ හරිම ආඩම්බරෙන්. නමුත් ඔබ දන්නවා ඇති screen time දරුවන්ට කොතරම් හානිකර ද යන්න ගැන අපි නිතරම කතා කරනවා.
• දුවපැන ගවේෂණයේ යෙදිය යුතු දරුවා දවසින් වැඩි කාලයක් රූපවාහිනිය හෝ මොබයිල් ගේම් එකක් සමග ගත කිරීමට වඩා තවත් දරුවන් සමග දරුවන් සඳහා සැකසූ පරිසරයක දරුවන් සඳහා සැකසූ ක්‍රියාකාරකම්වල යෙදීම සුදුසු යැයි මම සිතනවා.
නමුත් ඔබේ ගෙදර කතන්දර කියන අත්තම්මා කෙනෙක්, සෙල්ලම් ගෙයක් දමන්නට ගඳපාන ගෙඩි, කටරොළු කරල් තිබෙනවානම්, නගින්නට ගස්, කෝම්පිට්ටු හදන්නට මිදුලක්, මිරිස්කුඩු වෙනුවට ගඩොල් කුඩු කුඩු කරන්නට, ගල් බැම්මක් දිගේ සමබරව ගමන් කරන්නට නිදහස් තියනවා නම් ඔබ ඔබේ දරුවාව වයස අවුරුදු හතර වන තෙක් නිවසේ තබා ගැනීම නුසුදුසු යැයි මම කියන්නේ නැහැ.
දරුවකු පෙර පාසැල් යැවීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ මොනවාද යැයි මම ඇසුවහොත් එයට ඔබේ පිළිතුර කෙබඳුද?
අද උදෑසන මා දුටු පෝස්ට් එකකට අනුව දරුවා පෙර පාසල් යවන්නේ සමාජානුයෝජනය සඳහා සහ හසුරු කුසලතා පුහුණු කිරීම සඳහා පමණක් බව දෙමාපියන්ගේ අදහස වී තිබුණා. තවත් සමහර දෙමාපියන් අඩුවෙන් කතා කරන දරුවාගේ භාෂා සංවර්ධනය සඳහා දරුවා පෙර පාසල් වෙත යොමු කළ යුතු බවට යෝජනා කර තිබුණා.
වෘත්තීයමය ළදරු අධ්‍යාපනය ලබා දෙන්නෙකු ලෙස පෙර පාසලේදී දරුවාගේ සංවර්ධනය කෙසේ සිදුවන්නේ ද යන්න ගැන අවබෝධයක් ඔබට ලබා දිය යුතුයැයි මා සිතුවා.
යම්කිසි දරුවකු පෙර පාසල වෙත අප යොමු කරන්නේ එක්තරා සුවිශේෂ අරමුණක් සඳහා නොව දරුවාගේ සමස්ත සංවර්ධනය සඳහායි. සමස්ත සංවර්ධනය යන්න අංශ හතකට බෙදෙන නමුත් පෙරපාසලක සංවර්ධනය කරන කුසලතා කොටස් දහසයකට බෙදෙනවා. මම පහල දක්වා තිබෙන්නේ එම කුසලතාවයන්.
මේ සියලු කුසලතාවයන් එක් එක් අනු කොටස්වලට බෙදෙන අතර පෙරපාසල් ගුරුතුමිය විසින් මෙම සියළු අනු කොටස් ආවරණය වන පරිදි ක්‍රියාකාරකම් නිර්මාණය කරනවා. අතීතයේ දී මෙම කුසලතා සඳහා අප අවට පරිසරයෙන් අපට පහසුකම් ලැබුණද වර්තමානයේ දී කුඩා දරුවන්ට පරිසරයක් නොමැති තරම්.
න්‍යෂ්ටික පවුලක තිරය ඉදිරිපිට දවස පුරා ගත කරන දරුවා පෙර පාසල් යා යුතු බව මම සදහන් කරන්නෙ ඒ නිසයි. පහත කුසලතා ලැයිස්තුව දෙස බලන්න;
1.Self help skills
2. Self awareness
3.Emotional Intelligence
4. Early Literacy
5. language development
6. Logical Thinking
7. Early Numeracy
8. Spatial Awareness
9. Gross motor Skills
10. Fine motor skills
11. Aesthetic Skills
12.Character Building
13. Cognitive Skills
14. Sensory Perception
15. Imaginations/ creativity
16. Social Skills
මේ සෑම කුසලතාවයක්ම අනු කොටස් වලට බෙදෙන අතර ඔබගේ පහසුව සඳහා මම ඔබට උදාහරණ කිහිපයක් පෙන්නන්නම්.
උදාහරණයක් විදිහට
Gross motor Skills එහෙමත් නැත්නම් විශාල මාංශ පේශී සවිමත් කිරීම. මෙය පහත පරිදි අනු කොටස් හතරකට බෙදෙනවා. අසුනක ඉඳගෙන අකුරක් නිර්මාණය කිරීම සඳහා දරුවාට පහත සියලු විශාල මාංශ පේශී කුසලතා අවශ්‍ය වෙනවා. මෙම කුසලතා සංවර්ධන නොවූ දරුවෙකු අකුරු ලියන්නෙ නැතිද? අනිවාර්යයෙන්ම අකුරු ලියනවා. නමුත් විශාල මාංශ පේශී සංවර්ධනය සිදු වූ දරුවා අපහසුවකින් තොරව එය කරනවා.
Balance
Coordination
Body awareness
Physical strength
Reaction time
උඩුකය සමබරව තබා ගැනීම වැලමිට මැණික් කටුව සහ ඇඟිලි නිසිපරිදි මෙහෙයවීම සහ වේදනාවකින් තොරව ශරීරයේ ඉරියව් පවත්වා ගැනීමට චාලක කුසලතා දරුවාට උපකාරී වෙනවා.
තවත් උදාහරණයක් ලෙස අපි
සංඛ්‍යා කුසලතා ගනිමු. සංඛ්‍යා කුසලතා මේ ආකාරයෙන් අනු කොටස් වලට බෙදෙනවා
Early Numeracy ;
1. Observation
නිරික්ෂණ මගින් කරුණු ගොනු කිරීම
2.Language
ගණිතය සම්බන්ධ භාශාව
(දිග,දුර, බර, අoක....ආදිය)
3.problem solving
කරුණු එක් රැස් කර ඒවා නිරීක්ෂණය මගින් එලඹිය හැකි විසදුමකට පැමිණීම හෝ කරුණු කීපයක් සලකා බලා එලඹිය හැකි විසදුම් කීපයකට පැමිණීම
4. Number seance
අoක හදුනා ගැනීම
5. Counting
ගණන් කිරීම
ගණන් කිරීම කියන එක අකාර දෙකකින් සිදු වෙනවා.
එකක් අපි හදුන්වනවා Rote counting එහෙමත් නැත්නම් මුල සිට අගට පිලිවෙලින් මතකයෙන් ගනන් කිරීම
තවත් විදිහක් තියනවා....ඒ තමයි rational counting
ඒ කියන්නේ... ගොඩක තිබෙන ප්‍රමාණය ගණන් කිරීම සහ අවසාන අන්කය ගොඩෙහි ඇති ප්‍රමාණයට සමාන බව හදුනා ගැනීම.
6. One to one correspondence
ගොඩක ඇති ප්‍රමාණය තවත් ගොඩක ඇති ප්‍රමාණය හා සැසදීම.
7. Numbers and Symbols
අoකයක් යනු සලකුණක් බවත් එම සලකුණ යම් කිසි ප්‍රමාණයක් දැක්වීම සදහා යොදා ගන්නා බවත් හදුනා ගැනීම
8. Early Geometry
හැඩතල හදුනා ගැනීම
9. Spatial seance
තර්කානුකූල රටාවක් හෝ නිර්මාණයකට අනුව ද්‍රව්‍ය හෝ සලකුණු සටහන් කිරීම
10.Measurement
යම්කිසි දෙයකට අගයක් සැපයීම සහ එම අගය අනුව ද්‍රව්‍ය අනුපිළිවෙළින් සැකසීම හෝ සැසදීම
(බර , දුර, කාලය,උස වැනි)
11.patterns
නැවත නැවත යෙදෙන පරිදි තර්කානුකූල පිලිවෙලකට ද්‍රව්‍ය ස්ථානගත කිරීම.
12.parts and wholes
කොටස් සහ භාග පිලිබද අවබෝධය
13. Sets and classifying
තර්කානුකූලව ගොඩවල් (කුලක) නිර්මාණය
මෙයින් ගොඩවල් වලට වෙන් කිරීමට වඩා වැඩි තර්කානුකූල අවබෝධයක් බලාපොරොත්තු වෙනවා.
(උදාහරණයක් විදිහට දරුවා..පාට හැඩය...ප්‍රමාණය හදුනාගෙන එකම දේ විවිධ අයුරින් වෙන් කිරීම)
14. Ordering and Seriation
ද්‍රව්‍ය හෝ සලකුණු දෙකකට වැඩි ගනනක් සැසදීම මගින් ඒවා නියමිත පිලිවෙලකට ස්ථාන ගත කිරීම
15.Comparing
සැසදීම මගින් වෙනස්කම් හා සමානකම් හදුනා ගැනීම
16. Graphing
උගත් නිරීක්ෂණ සහ කරුණු සටහන් කිරීම හෝ විස්තර කිරීම
17.Groups and symbols
විශාල ප්‍රමාණ සහ ගණිතමය සලකුණු භාවිතා කිරීම.
අවසාන වශයෙන් තවත් උදාහරණයක් ලෙස ඔබ හසුරු කුසලතා ලෙස හඳුන්වන සියුම් මාංශපේෂි සංවර්ධන ක්‍රියාකාරකම් ගනිමු
සියුම් මාංශපේශී සංවර්ධන ක්‍රියාකාරකම් නොහොත් Fine motor Skills පහත පරිදි අනු කොටස් 21 ට බෙදෙනවා.
1. Open thumb web space
2.Bilateral cordination
3. Thumb IP join flexion
4. Finger Isolation
5. Hand and wrist Development
6. Upper extremity stabilization
7. UE joint mobility
8.Core strength and Posture
9.ROM
10. Dexterity
11. Arch Development
12.Instrinsic muscle strength
13.Bilateral cordination and integration
14. Visual - motor control
15.Precision handling
16. Motoric separation of thw two sides of the hands
17. Motor control
18. Pincer Grasp
19. Grip strength
20. Pinch strength
21.Gross grasp strength
මේ ආකාරයෙන්ම ඉහත සියලු කුසලතා අනු කොටස් ගණනාවකට බෙදෙන අතර එම කුසලතා සංවර්ධනය විය යුතු බව පරීක්ෂනාත්මකව ඔප්පු කළ කුසලතාවයන්.
ඉතින් ඔබට තිබෙන්නෙත් න්‍යෂ්ටික පවුලක් නම්, දරුවාගේ දවස තිරයක් ඉදිරිපිට ගතවනවා නම් හෝ නිරර්ථක ව එහෙ මෙහෙ ඇවිද යාම පමණක් සිදු වෙනවා නම්, උදේ කාලයේ පැය හතරක් පෙරපාසලේ රැඳී සිටීම දරුවාට ගෙදර සිටිනවාට වඩා යහපතක් කරාවි යන්න මගේ මතයයි.
කෙසේවෙතත් අඩු බර දරුවන්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් මෙම කාරණාව වෙනස් වෙනවා. ඉහත සියලු කාරණා සලකා බලා දරුවා පෙර පාසල යැවිය යුතු නිසි වයස තෝරා ගැනීම ඒ ඒ දෙමව්පියන් සතු තීරණයක්