ජනවාරි මාසයේ මුලින්ම preschool යන බබාල යන්නෙ පුන්චි පන්තියට නේ.පුන්චි පන්තියේ මොකද වෙන්නේ?
අද මම කියල දෙන්න යන්නේ පුන්චි පන්තියේ මුල්ම පාඩමක් ගැන.
ඒ තමයි ලගදීම එන පැන්සල පින්සල කතුර මෙහෙයවීමේ ක්‍රියාකාරකම් සදහා පුන්චි දෑත් සූදානම් කිරීම. මේ ක්‍රියාකාරකම් වලදී අපි පොඩ්ඩන්ට කියල දෙනවා එයාලගෙ පුන්චි ඇගිලි සහ දෑත් පාලනයකින් යුතුව හැසිරවීමට
පුන්චි දරුවන් පොඩි අත්වලින් යමක් පිලිවෙලට කරන්න මුල් කාලයේ දරන වෙහෙස ඔයාල දැකල ඇති. ඒ අත් නිවැරදිව හසුරවන්න උදව්වෙන්න පොඩි ශබ්ද නැගෙන සෙල්ලම්බඩු මේ වෙද්දි ගෙනත් දීලනේ තියෙන්නේ.බබාට මාස කීපයක් වෙද්දි මේ සෙල්ලම්බඩු ඊලගට පොල් මිරිකන්න, clay වලින් සෙල්ලම් වගේ දේවල් අම්මල අත්තම්මලා කරල ඇති.
පෙරපාසලේදී අපි මේ සදහා සැලසුම් කල ක්‍රියාකාරකම් සිදුකරනවා. අද මම කියල දෙන්න යන්නේ ඒ වගේ සැලසුම් කල ක්‍රියාකාරකම් ක්‍රියාකාරකම් කීපයක්.මේ ක්‍රියාකාරකම් අම්මලට බබාල එක්ක ගෙදරදීත් කරන්න පුලුවන්.
මුල්ම ක්‍රියාකාරකම නම් හොදට දැකල පුරුදු ඇති.
හරියටම අපි පොඩි කාලෙ හදපු බූරු ඇද වගේ. මෙතනදී අපි එයාලට කියල දෙනවා පාලනයකින් යුතුව මේ ඇදීම කරන්න.තදින් ඇද්දොත් මේ rubber bands කැඩිල යන නිසා එයාල මේක අදින්න ඕනෙ එක ප්‍රමාණයකටයි.ඒ වගේමයි ගොඩක් ලන් කලොත් මේ rubber bands ගැලවෙනවා.අම්මගේ සම්පූර්ණ අවදානය සහිතව මිසක් තනියම නම් කරන්න දෙන්න එපා කියල නම් කියන්නම ඕනෙ.
මොකද පුන්චෙක්ට මේ band එකක් රසද බලන්න හයියෙන් ඇදල බලන්න හිතෙන්න ඉඩ තියෙනවා
දෙවනි ක්‍රියාකාරකම එක පැත්තකින් ගණිතමය සන්කල්පයකුත් වෙනවා. අපි පාටකරපු cotton buds අදාල පාට clay ගුලි වලට ගහන්නයි යන්නේ.මෙතනදී.බබා කරන්නෙ sorting activity එකක් වුනාට බබා නියමිත පීඩනය පමනක් නොයෙදුවොත් clay ගුලිය හිල් වෙලා යනවා. ඒ වගේම එයාට දුර ප්‍රමාණය තීරනය කරන්නත් සිදුවෙනවා.
තුන්වෙනි ක්‍රියාකාරකම transferring activity එකක්. බබාට එයාගෙ ඇගිලි වලින් බර දරන්න බර සමතුලිතව පවත්වාගන්න වගේම ඇගිලි නියමිත පරිදි මෙහෙයවන්නත් වෙනවා. බබා කටේ දාන්නෙ නැට්ගිවෙන්න ලග ඉදලම හරි අවදානයෙන් මේ ක්‍රියාකාරකම් වල නිරත වෙන්න නම් වෙනවමයි.ගුරුතුමියන්ලා කරන්නෙත් එහෙමයි.
ඊලග එක twicer එකක් මගින් ඇට ඉවතට ගැනීමේ ක්‍රියාකාරකමක්.මේකට කොමඩු කෑල්ලක් වුනත් ගස්ලබු කෑල්ලක් වුනත් යොදාගන්න පුලුවන්.ඔයලට හොයාගන්න පහසු දෙයක් භාවිතා කරන්න අමතක කරන්න එපා.
Bolt ඇණ වලට nuts සවි කිරීමත් ඒ වගේම සියුම් මාoශ පේශී.ක්‍රියාකරවීම සදහාම විශේශයෙන්ම සැලසුම් කල ක්‍රියාකාරකමක් මෙතනදී අපි විවිද උස ප්‍රමාන සහ විවිද පලල හදුන්වා දීම මගින් එයාලගේ problem solving skills, mathematical concepts වැඩිදියුණු කිරීමත් බලාපොරොත්තු වෙනවා.සැලසුම් සහගත ක්‍රියාකාරකමක් කියන්නේ හැම වෙලාව්ව්ම එක හැකියාවකට වඩා සන්වර්දනය කිරීමට අපි යොදගන්නා උපක්‍රමයක් අනිත් ක්‍රියාකාරකම් නම් ඔයාලට පින්තූර මගින් පැහැදිලි වෙන නිසා තේරුම්ගන්න පහසුයි. අවසාන ක්‍රියාකාරකම සදහා dropper එකක් භාවිතා කරනවා. අවශ්‍ය පීඩනය පමනක් යොදාගෙන fill කරගන්න නියමිත පීඩනය යටතේ මෙහෙයවන්නත් මේ ක්‍රියාකාරකමේදී බබා කල්පනාකාරීවෙන්න ඕනෙ.
"දරුවන්ගේ හැසිරීම" ගැන කතාබහ කරන හැම වෙලාවකම අපි මතකතියාගන්න ඕනෙ දෙයක් තියනවා.ඒ තමයි හැසිරීම කියලා අපි කතාබහ කරන්නේ දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන බව.දරුවෙකුගේ හැම හැසිරීමක්ම දරුවා දක්වන ප්‍රතිචාරයක් හෝ දරුවාගේ ක්‍රියාකාරකමක් බව අපි මතක තබා ගත යුතුයි. දරුවකුගේ ක්‍රියාත්මක වීම කියලා කියන්නේ දරුවකු ඔහු හෝ ඇය සිටින පරිසරයට දක්වන ප්‍රතිචාරයයි.ශාරීරිකව සමාජීයව හෝ වෙනත් යම් කිසි ආකාරයකට දරුවා ක්‍රියාත්මක වන සෑම විටකම ක්‍රියාව සහ ප්‍රතිචාර යන කරුණු මත දරුවාගේ හැසිරීම තීරණය වෙනවා.ඒ නිසා දරුවෙකුගේ හැසිරීම ගැන තීන්දු තීරණ ගන්න නම් වැඩිහිටියා ඉතාම සාධාරණ ලෙස ප්‍රතිචාරාත්මක ක්‍රියාවට මුල් වූ හේතු සලකා බැලිය යුතු වෙනවා.
මගේ යටතේ පවතින පෙරපාසලක සිදු වූ පහත අවස්ථාව සලකා බලමු .
වයස අවුරුදු 4ක් වූ සිනෙත් ලී කැබලි වලින් සෙල්ලම් කරමින් ඉන්නවා.ඔහුගේ පන්තිය තවත් කුඩා පිරිමි දරුවන් තුන්දෙනෙක් ඔහු වටා එක් රැස් වී සිටින අතර සිනෙත් ලී කැබලි වලින් සෙල්ලම් කරන ගමන් අනෙක් දරුවන් කරන්න ඕන දේ නියම කරමින් නායකත්වය දෙනවා. මොහොතකින් එතනට පැමිණ ගුරුතුමිය සෙල්ලම් කාලය අවසාන බවත් සිනෙත් ඇතුලු දරුවන් නැවත පන්ති කාමරයට යා යුතු බවත් පවසනවා.
පුංචි සිනෙත් නැවත පංතියට යාම ප්‍රතික්ෂේප කරනවා අකමැත්ත ප්‍රකාශ කිරීම සඳහා සිනෙත් ඔහු විසින් ගොඩනගන ලද කුළුණ කඩා විසිකරනවා. ගුරුතුමිය විසින් කුඩා ලී කැබලි නැවත එකතු කළ යුතු බවත් එය අවසාන වූ විට පංතියට පැමිණිය යුතු බවත් සිනෙත් පුතාට කියනවා. නමුත් ඔහු ප්‍රතික්ෂේප කරමින් අඩමින් බිම පෙරලෙනවා.
මෙවැනි අවස්ථා අනන්තවත් ඔබට ගෙදරදී අත් දකින්නට ලැබෙනවා ඇති සෑම දරුවකුම එකිනෙකාට වෙනස් වන අතර එක දරුවෙකු සමග නිවසේ සිටින ඔබ නොදකින දරුවන්ගේ මෙවැනි හැසිරීම්, ගුරුවරුන් ලෙස අපි නිතර දකිනවා.
ඒ වගේම මේ සිදුවීම ඔබ දකින්නේ මුරණ්ඩු කම විදිහට උනත් අපි දකින්නේ එහෙම නෙමෙයි. ඒ දරුවාගේ හැසිරීම ගැන අපි තීරණ ගන්නේ guiding lenses තුලින් නිසා.
ඕනෑම දරුවෙකුගේ මෙවැනි හැසිරීම ඔහුගේ ශාරීරික සමාජීය, භාශා සහ බුද්ධිමය කුසලතාවන්ගේ වෙනස මත රඳා පවතිනවා.
දරුවෙකුගේ හැසිරීම තීරණය වන්නේ සාධක ගණනාවක් මතයි
පාරිසරික සාධක- දරුවා සිටින පරිසරය ඇතුළත පරිසරයක්ද පිටත පරිසරයක්ද භාවිතා කරන උපකරණ මොනවාද යන කරුණු මත
පුංචි සිනෙත්ගේ කතාවේදී අපි ඔහුගේ හැසිරීම ගැන කේන්තිගන්න කලින් ඉහත කරුණු සියල්ල සලකා බලනවා.
මොකද අපි ඒ ක්‍රියාව දකින්නේ Guiding lenses තුලින් නිසා? දරුවෙකුගේ ක්‍රියාව යට තියන හේතු දකින්න අපි පාවිච්චි කරන කණ්නාඩිය තමයි ඒ.
මොනවද මේ guiding lenses??
guidance හෙමත් නැත්නම් මගපෙන්වීම මගින් අපි දරුවන්ට ඔවුන්ගේ හැඟීම් සහ ප්‍රතිචාර පාලනය කිරීමට කියාදෙනවා.
හැඟීම් හසුරවා ගැනීමට, අපහසුතා වටහාගැනීමට , ගැටලු හඳුනා ගැනීමට උගන්වනවා.
මේ ඕනෑම හැසිරීමක් සඳහා ක්ෂණික විසඳුම් නැහැ.මේ පුංචි මිනිස්සු තාමත් ලෝකය උගෙනිමින් ඉන්නවා ඒ නිසා අතර අප විසින් එක් අවස්ථා සදහා ඉතාම සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ.ඒ වගේම අපි සාධාරණ බව එයාලට දැනෙන්නත් ඕනේ.
එක් අවස්ථාවක භාවිත කිරීමට තීරණය කරන ක්‍රියාකාරකම් හා මඟ පෙන්වීම් තවත් අවස්ථාවකට නොගැලපෙන්න පුළුවන්.
දරුවෙකුට නිවැරදි ලෙස ගැලපෙන ධනාත්මක මගපෙන්වීමක් සඳහා දරුවා වටහාගැනීම, අවස්ථාව අවබෝධ කරගැනීම, සහ අදාල වැඩිහිටියා සමග දරුවාගේ සම්බන්ධය යන කරුණු තුනම නිවැරදි ලෙස ක්‍රියාත්මක විය යුතුයි.
පුංචි සිනෙත්ගේ කථාවේදී අපි සිනෙත් ගේ කුළුණ සෑදීමේ උනන්දුව සහ එයින් ඔහු ලබන උගෙණුම සලකා බැලිය යුතු වෙනවා. ඒ නිසා අදට අමතර කාලයක් අපිට ලබාදිය හැකිව තිබුනා. නමුත් ගුරුතුමිය ඊලග පාඩමට යා යුතු බැවින් කුළුණ සෑදීම සහ නිමා කිරීම කල නොහැකි බව සිනෙත් ගේ බලාපොරොත්තු බිද දමන කරුණක් කියන එක වටහා ගත්තොත් සිනෙත් කොහෙත්ම මුරණ්ඩු දරුවෙකු ලෙස හැදින්වෙන්නේ නැහැ. අන්න ඒ නිගමනයට නොඑලඹී කරන මගපෙන්වීම තමයි නිවැරදි මග පෙන්වීම වන්නේ. .
පුද්ගලයෙකුගේ හැසිරීම තීරණය වන සාධක ලෙස න්‍යායාත්මකව ජාන, පාරිසරික බලපෑම සහ අත්දැකීම් හදුන්වා දෙනවා තමයි.මේ සාධක හැසිරීම් නිර්මාණය කිරීමට බලපානවා වගේම , ඒ තරමටම වැදගත් තවත් සාධකයක් ලෙස දරුවන් තම සංවර්ධන අවධි හරහා යෙදෙන ගමන සහ සංවර්ධනය කරා යන ගමනේ පසු කරන පියවර වල බලපෑම හඳුන්වා දෙන්න පුළුවන්.
මේ වයසේ දරුවන්ගේ හැසිරීම ගැන තීරණ ගැනීමේදී,
"අම්ම තාත්ත කරන ඒව තමයි" ජාන වලින් එන ඒවා....ඕව ඉතින් හදන්න්න බෑ"
" මේ ළමයා මහ කපටි ළමයෙක්" "පුදුම මුරණ්ඩු ළමයෙක් නේ"
වගේ දේවල් කියන්න කලින්....මේ වයසේදී ජාන , පාරිසරිම සාධක හෝ අත්දැකීම් ඉක්මවා දරුවාගේ ස්වභාවික සංවර්ධන අදියරයන් ගේ බලපෑම ඉස්මතු වෙන බව දෙමව්පියන් සහ ගුරුවරුන් ලෙස අපි වටහා ගත යුතුයි.
පහත තියෙන්නේ ගුරුවරයෙකු විසින් දරුවෙකු දැකීමට භාවිතා කරන guiding lenses. ඊළග දවසේ දරුවා දිහා මේ magic කණ්නාඩිය දාගෙන බලන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා
ඇත්තටම ඔයාලගෙ දරුවට උගන්වන්න online preschool ඕනෙද? එහෙම ඕනෙ නෑ, පෙරපාසලක් කරන්න තරමට නොවුනට සමස්ථ සංවර්ධනය දරුවාට ලබාදෙන්න අපි ඊලග දවසේ ඉදන් අත්‍යාවශ්‍ය දැණුම අම්මට දෙන්නම්. සමස්ථ සංවර්ධනය කියන්නෙ මොකක්ද ? ඒ සදහා ගෙදර ඉදන් මොනවද කරන්න පුළුවන්, මේ සම්පුර්ණ පාඩම් මාලාව අවසානය වෙනකන් ඉන්න ඕනෙ නැහැ, එදාට එදාට කොහොමද home schooling lesson notes හදාගන්නෙ කියලත් අපි නොමිලේ කියල දෙන්නම්.
ඔබ පෙරපාසල් ගුරුතුමියක් නම් මේ පාඩම් මාලාව අවසානයේ ඔබට paper එකකට ඉදලා අපෙන් e-certificate එකක් ලබාගන්නත් පුළුවන්. හැබැයි ඉතින් ඒ කැමතිනම් විතරයි.home schooling කරන්න අදහස් කරන දෙමාපියන් මුල ඉදන් මේක බලන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. හැම සතියෙම සිකුරාදා සහ අගහරුවාදා අපි video lesson එකක් ඔබට දෙන්නම්.කරුණාකරලා දැණුම නැති ගුරුවරු කියාගන්නා අය පසු පස නොයා ඔබේ දරුවාට ඔබම උගන්වන්න.
දරුවන් screen එක ඉස්සරහා පැයගනන් ඉන්දවලා තියන්න එපා
මේ කොරෝනා කාලයේ මුල් ළමාවියේ ගුරුවරු වෙතින් කරන සමාජ සත්කාරයක් විදිහට සලකන්න
මේ ප්‍රශ්නය මට යොමුවුන හැම වෙලාවකම මම නැවත ප්‍රශ්නය යොමුකල කෙනාගෙන් අහන ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
1. ඔබේ පවුලේ සාමාජිකයන් කීදෙනෙකු ඉන්නවද?
2. ඔබට බාහිරින් ලැබෙන උදව් ප්‍රමාණවත්ද?
විශාල ගෙවත්තක් හෝ උදව්වට අත්තම්මා සහ සීයා සිටින ගෙදරක දරුවන් පෙර පාසල යැවීමට උත්සුක විය යුතු නැති බව තමයි ඔබ වගේම මමත් හිතන්නේ. නමුත් ගෙදර ඉන්නේ අම්මා තාත්තා සහ දරුවා පමණක් නම් දරුවා වයස 21/2වනවිට පෙර පාසලට භාර දෙන්නට කියා මම කියනවා.
ඇයි මම මෙහෙම කියන්නේ, න්‍යෂ්ටික පවුලක සෑමවිටම සිදුවන්නේ අවුරුදු 2 ට වඩා වැඩි දරුවා tab එකක් හෝ රූපවාහිනිය ඉදිරියේ වාඩි කරවා අම්මා කුස්සිය ආහාර පිසීම හෝ අනෙක් දරුවන් නැලවීමයි. දරුවාගේ ස්වභාවික හැසිරීම් නිසා අනෙක් වැඩ වලින් හෙම්බත්ව සිටින අම්මා දරුවා සමග ගැටෙනවා මෙය පොදුවේ මට කතා කරන සෑම පවුලකම මම දකින දෙයක්.
මගේ බබාට නම් alphabet එකේ අකුරු ඔක්කොම පුළුවන්, මම කියල දීල නෙමෙයි, වීඩියෝස් බලලා, අම්මලා මෙහෙම කියන්නේ හරිම ආඩම්බරෙන්. නමුත් ඔබ දන්නවා ඇති screen time දරුවන්ට කොතරම් හානිකර ද යන්න ගැන අපි නිතරම කතා කරනවා.
• දුවපැන ගවේෂණයේ යෙදිය යුතු දරුවා දවසින් වැඩි කාලයක් රූපවාහිනිය හෝ මොබයිල් ගේම් එකක් සමග ගත කිරීමට වඩා තවත් දරුවන් සමග දරුවන් සඳහා සැකසූ පරිසරයක දරුවන් සඳහා සැකසූ ක්‍රියාකාරකම්වල යෙදීම සුදුසු යැයි මම සිතනවා.
නමුත් ඔබේ ගෙදර කතන්දර කියන අත්තම්මා කෙනෙක්, සෙල්ලම් ගෙයක් දමන්නට ගඳපාන ගෙඩි, කටරොළු කරල් තිබෙනවානම්, නගින්නට ගස්, කෝම්පිට්ටු හදන්නට මිදුලක්, මිරිස්කුඩු වෙනුවට ගඩොල් කුඩු කුඩු කරන්නට, ගල් බැම්මක් දිගේ සමබරව ගමන් කරන්නට නිදහස් තියනවා නම් ඔබ ඔබේ දරුවාව වයස අවුරුදු හතර වන තෙක් නිවසේ තබා ගැනීම නුසුදුසු යැයි මම කියන්නේ නැහැ.
දරුවකු පෙර පාසැල් යැවීමෙන් ඔබ බලාපොරොත්තු වන්නේ මොනවාද යැයි මම ඇසුවහොත් එයට ඔබේ පිළිතුර කෙබඳුද?
අද උදෑසන මා දුටු පෝස්ට් එකකට අනුව දරුවා පෙර පාසල් යවන්නේ සමාජානුයෝජනය සඳහා සහ හසුරු කුසලතා පුහුණු කිරීම සඳහා පමණක් බව දෙමාපියන්ගේ අදහස වී තිබුණා. තවත් සමහර දෙමාපියන් අඩුවෙන් කතා කරන දරුවාගේ භාෂා සංවර්ධනය සඳහා දරුවා පෙර පාසල් වෙත යොමු කළ යුතු බවට යෝජනා කර තිබුණා.
වෘත්තීයමය ළදරු අධ්‍යාපනය ලබා දෙන්නෙකු ලෙස පෙර පාසලේදී දරුවාගේ සංවර්ධනය කෙසේ සිදුවන්නේ ද යන්න ගැන අවබෝධයක් ඔබට ලබා දිය යුතුයැයි මා සිතුවා.
යම්කිසි දරුවකු පෙර පාසල වෙත අප යොමු කරන්නේ එක්තරා සුවිශේෂ අරමුණක් සඳහා නොව දරුවාගේ සමස්ත සංවර්ධනය සඳහායි. සමස්ත සංවර්ධනය යන්න අංශ හතකට බෙදෙන නමුත් පෙරපාසලක සංවර්ධනය කරන කුසලතා කොටස් දහසයකට බෙදෙනවා. මම පහල දක්වා තිබෙන්නේ එම කුසලතාවයන්.
මේ සියලු කුසලතාවයන් එක් එක් අනු කොටස්වලට බෙදෙන අතර පෙරපාසල් ගුරුතුමිය විසින් මෙම සියළු අනු කොටස් ආවරණය වන පරිදි ක්‍රියාකාරකම් නිර්මාණය කරනවා. අතීතයේ දී මෙම කුසලතා සඳහා අප අවට පරිසරයෙන් අපට පහසුකම් ලැබුණද වර්තමානයේ දී කුඩා දරුවන්ට පරිසරයක් නොමැති තරම්.
න්‍යෂ්ටික පවුලක තිරය ඉදිරිපිට දවස පුරා ගත කරන දරුවා පෙර පාසල් යා යුතු බව මම සදහන් කරන්නෙ ඒ නිසයි. පහත කුසලතා ලැයිස්තුව දෙස බලන්න;
1.Self help skills
2. Self awareness
3.Emotional Intelligence
4. Early Literacy
5. language development
6. Logical Thinking
7. Early Numeracy
8. Spatial Awareness
9. Gross motor Skills
10. Fine motor skills
11. Aesthetic Skills
12.Character Building
13. Cognitive Skills
14. Sensory Perception
15. Imaginations/ creativity
16. Social Skills
මේ සෑම කුසලතාවයක්ම අනු කොටස් වලට බෙදෙන අතර ඔබගේ පහසුව සඳහා මම ඔබට උදාහරණ කිහිපයක් පෙන්නන්නම්.
උදාහරණයක් විදිහට
Gross motor Skills එහෙමත් නැත්නම් විශාල මාංශ පේශී සවිමත් කිරීම. මෙය පහත පරිදි අනු කොටස් හතරකට බෙදෙනවා. අසුනක ඉඳගෙන අකුරක් නිර්මාණය කිරීම සඳහා දරුවාට පහත සියලු විශාල මාංශ පේශී කුසලතා අවශ්‍ය වෙනවා. මෙම කුසලතා සංවර්ධන නොවූ දරුවෙකු අකුරු ලියන්නෙ නැතිද? අනිවාර්යයෙන්ම අකුරු ලියනවා. නමුත් විශාල මාංශ පේශී සංවර්ධනය සිදු වූ දරුවා අපහසුවකින් තොරව එය කරනවා.
Balance
Coordination
Body awareness
Physical strength
Reaction time
උඩුකය සමබරව තබා ගැනීම වැලමිට මැණික් කටුව සහ ඇඟිලි නිසිපරිදි මෙහෙයවීම සහ වේදනාවකින් තොරව ශරීරයේ ඉරියව් පවත්වා ගැනීමට චාලක කුසලතා දරුවාට උපකාරී වෙනවා.
තවත් උදාහරණයක් ලෙස අපි
සංඛ්‍යා කුසලතා ගනිමු. සංඛ්‍යා කුසලතා මේ ආකාරයෙන් අනු කොටස් වලට බෙදෙනවා
Early Numeracy ;
1. Observation
නිරික්ෂණ මගින් කරුණු ගොනු කිරීම
2.Language
ගණිතය සම්බන්ධ භාශාව
(දිග,දුර, බර, අoක....ආදිය)
3.problem solving
කරුණු එක් රැස් කර ඒවා නිරීක්ෂණය මගින් එලඹිය හැකි විසදුමකට පැමිණීම හෝ කරුණු කීපයක් සලකා බලා එලඹිය හැකි විසදුම් කීපයකට පැමිණීම
4. Number seance
අoක හදුනා ගැනීම
5. Counting
ගණන් කිරීම
ගණන් කිරීම කියන එක අකාර දෙකකින් සිදු වෙනවා.
එකක් අපි හදුන්වනවා Rote counting එහෙමත් නැත්නම් මුල සිට අගට පිලිවෙලින් මතකයෙන් ගනන් කිරීම
තවත් විදිහක් තියනවා....ඒ තමයි rational counting
ඒ කියන්නේ... ගොඩක තිබෙන ප්‍රමාණය ගණන් කිරීම සහ අවසාන අන්කය ගොඩෙහි ඇති ප්‍රමාණයට සමාන බව හදුනා ගැනීම.
6. One to one correspondence
ගොඩක ඇති ප්‍රමාණය තවත් ගොඩක ඇති ප්‍රමාණය හා සැසදීම.
7. Numbers and Symbols
අoකයක් යනු සලකුණක් බවත් එම සලකුණ යම් කිසි ප්‍රමාණයක් දැක්වීම සදහා යොදා ගන්නා බවත් හදුනා ගැනීම
8. Early Geometry
හැඩතල හදුනා ගැනීම
9. Spatial seance
තර්කානුකූල රටාවක් හෝ නිර්මාණයකට අනුව ද්‍රව්‍ය හෝ සලකුණු සටහන් කිරීම
10.Measurement
යම්කිසි දෙයකට අගයක් සැපයීම සහ එම අගය අනුව ද්‍රව්‍ය අනුපිළිවෙළින් සැකසීම හෝ සැසදීම
(බර , දුර, කාලය,උස වැනි)
11.patterns
නැවත නැවත යෙදෙන පරිදි තර්කානුකූල පිලිවෙලකට ද්‍රව්‍ය ස්ථානගත කිරීම.
12.parts and wholes
කොටස් සහ භාග පිලිබද අවබෝධය
13. Sets and classifying
තර්කානුකූලව ගොඩවල් (කුලක) නිර්මාණය
මෙයින් ගොඩවල් වලට වෙන් කිරීමට වඩා වැඩි තර්කානුකූල අවබෝධයක් බලාපොරොත්තු වෙනවා.
(උදාහරණයක් විදිහට දරුවා..පාට හැඩය...ප්‍රමාණය හදුනාගෙන එකම දේ විවිධ අයුරින් වෙන් කිරීම)
14. Ordering and Seriation
ද්‍රව්‍ය හෝ සලකුණු දෙකකට වැඩි ගනනක් සැසදීම මගින් ඒවා නියමිත පිලිවෙලකට ස්ථාන ගත කිරීම
15.Comparing
සැසදීම මගින් වෙනස්කම් හා සමානකම් හදුනා ගැනීම
16. Graphing
උගත් නිරීක්ෂණ සහ කරුණු සටහන් කිරීම හෝ විස්තර කිරීම
17.Groups and symbols
විශාල ප්‍රමාණ සහ ගණිතමය සලකුණු භාවිතා කිරීම.
අවසාන වශයෙන් තවත් උදාහරණයක් ලෙස ඔබ හසුරු කුසලතා ලෙස හඳුන්වන සියුම් මාංශපේෂි සංවර්ධන ක්‍රියාකාරකම් ගනිමු
සියුම් මාංශපේශී සංවර්ධන ක්‍රියාකාරකම් නොහොත් Fine motor Skills පහත පරිදි අනු කොටස් 21 ට බෙදෙනවා.
1. Open thumb web space
2.Bilateral cordination
3. Thumb IP join flexion
4. Finger Isolation
5. Hand and wrist Development
6. Upper extremity stabilization
7. UE joint mobility
8.Core strength and Posture
9.ROM
10. Dexterity
11. Arch Development
12.Instrinsic muscle strength
13.Bilateral cordination and integration
14. Visual - motor control
15.Precision handling
16. Motoric separation of thw two sides of the hands
17. Motor control
18. Pincer Grasp
19. Grip strength
20. Pinch strength
21.Gross grasp strength
මේ ආකාරයෙන්ම ඉහත සියලු කුසලතා අනු කොටස් ගණනාවකට බෙදෙන අතර එම කුසලතා සංවර්ධනය විය යුතු බව පරීක්ෂනාත්මකව ඔප්පු කළ කුසලතාවයන්.
ඉතින් ඔබට තිබෙන්නෙත් න්‍යෂ්ටික පවුලක් නම්, දරුවාගේ දවස තිරයක් ඉදිරිපිට ගතවනවා නම් හෝ නිරර්ථක ව එහෙ මෙහෙ ඇවිද යාම පමණක් සිදු වෙනවා නම්, උදේ කාලයේ පැය හතරක් පෙරපාසලේ රැඳී සිටීම දරුවාට ගෙදර සිටිනවාට වඩා යහපතක් කරාවි යන්න මගේ මතයයි.
කෙසේවෙතත් අඩු බර දරුවන්, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සම්බන්ධයෙන් මෙම කාරණාව වෙනස් වෙනවා. ඉහත සියලු කාරණා සලකා බලා දරුවා පෙර පාසල යැවිය යුතු නිසි වයස තෝරා ගැනීම ඒ ඒ දෙමව්පියන් සතු තීරණයක්
නිර්මාණශීලී බව කියන්නෙ හැම දරුවෙකුගේම සැගවුනු කුසලතාවයක්.වර්ණත් එක්ක වැඩිවැඩියෙන් සම්බන්ද වෙනකොට ඔයාගෙ ගෙදරිනුත් පුoචි පිකාසෝ කෙනෙක් බිහිවෙන්න තියන අවස්තාව වැඩි වෙනවා විතරක් නෙමෙයි එයාලගේ විශේශ හැකියාවනුත් වැඩි වැඩියෙන් වර්දනය වෙනවා.
මොනවද ඒ?
වර්ණත් එක්ක වැඩකරද්දී එයාලගේ විශ්ලේශණ හැකියාව හරිම හොදින් සoවර්දනය වෙනවා. ඒ විතරක් නෙමෙයි ගැටලු විසදීමේ හැකියාව, ආත්මවිශ්වාසය වර්දනය වීම තමන්ගෙ අතින් නිර්මාණය වුනු දෙයක් අගය කරද්දී දැනෙන අභිමානයත් මේ නිර්මානාත්මක ක්‍රියාකාරකම් වල ප්‍රතිපලයක්
ඒ විතරක් නෙමෙයි
පින්සල හැසිරවීමෙන් එයාගෙ හසුරු කුසලතා වර්දනය වීමත් සිද්දවෙනවා.
වැරදීම් වෙන්න වෙන්න පුන්චි පරීක්ශකයින් බිහිවෙනවා.මේ පුන්චි පරීක්ශකයෝ අනාගතේ ලොකු නිර්මාණ බිහිකරාවි.
අලුතින් හිතන්න අලුත් ඇහැකින් ලෝකය දකින්න එයාල පුරුදුවේවි.
අද අපි කතාකරමු guided painting එහෙමත් නැත්නම් මගපෙන්වීම යටතේ කරන පින්තාරු ගැන.
අපේ පුන්චි පිකාසෝ ලට ආඩම්බර වෙන්න එයාලා මේ කරන හරිම ලස්සන නිර්මාණ හැමෝටම පේන්න display කරන්න අමතක කරන්න එපා. මටත් බලන්න එකක් එවන්න 💜💙❤
පලවෙනි පින්තූරයේ තියෙන්නෙ masking tape Art එකක්. A4 කොලයක wiring කරනකොට ගන්න මාස්කින් ටේප් අලවලා එයාට නිදහසේ පාට කරන්න දෙන්න.ටිකක් ලොකු බබෙක් නම් එයාට වඩාත් ක්‍රමානුකූලව මේක කරන්න පුලුවන් හරියට දෙවනි රූපයේ වගේ
අවසානයේ මස්කින් ටේප් එක ගලවලා magic පින්තූරය බලන්න 😚💛
ඊලග වැඩේට ඕනෙ toilet paper roll
ඒවා නැත්නම් කාඩ්බෝඩ් කෑල්ලක් රෝල් කරලා තීරු කපා ගන්න. ඊලගට මේ වගේ print කරන්නයි තියෙන්නෙ.අපි මේකට කියන්නෙ firework painting කියලා
තුන් වෙනි වැඩේ. Binder ගම් ටිකකට ඔයාලා කැමති පාට 2ක් දාගන්න. යන්තමට කවලම් කරන්න
හොදටම mix කරන්න එපා.දැන් බැලුම් එකක් පොඩ්ඩක් පුම්බලා print කරන්න දෙන්න.
හරිම ලස්සන shades තියේවි
එහෙනම් දැන් පාටකරමු!!
අද ඔයාලට කියලදෙන්න යන්නේ Sensory Play වලට අපි භාවිතා කරන recipes කීපයක් හදාගන්න හැටි..... ඔයාලට මේවා ගෙන්නගන්නත් පුලුවන් වුනාට ගෙදරදී හදාගන්න හරිම ලේසියි.
පලවෙනිම එක Play Dough
මේකට ඔයාලට ඕනෙ වෙනවා
**පිටි කෝප්ප 02
**ලුනු කෝප්ප 01
**එලවලු තෙල් මේස හැදි 01
**උනුසුම් වතුර කෝප්ප 02
මේ හැමදේම එකට එකතු කරලා මද ගින්නේ pan එකකට දාලා හැදිගාමින් රත්කරන්න. Pan එකේ අයින් වලින් මේ මිශ්‍රණය ගැලවෙලා මැදට ගුලිවෙනකොට ලිප නිවලා නිවෙන්න තියන්න
හොදට නිමුනම ඔයාලට පුලුවන් පාට එකතුකරගන්න. අතේ ඇලෙනවා වගේ නම් ආයිමත් ලිපේ තියලා ටිකක් dry කරගන්න.
Slime එක හදන හැටි මගේ වීඩියෝ එකෙනුත් ඔයාලට බලන්න පුලුවන්.
**වතුර කෝප්ප 1/4
**ගම් කෝප්ප 1/4
**දියකරගත් පිටි කෝප්ප 1/4
** food coloring
ලොකු භාජනයක මේ දේවල් ඔක්කොම හොදින් එකට එක් කරන්න. Slime කියන්නේ ඇල්ලුවාම පහලට වැක්කෙරෙන මිශ්‍රනයක්. පහල පින්තූරයෙන් ඔයාලට slime වල ගනකම කොච්චරක් වෙන්න ඕනද කියලා හිතාගන්න පුලුවන් වෙයි.
**වැලි කෝප්ප 05
**Corn පිටි මේස හැදි 1 1/2
**Dish washing liquid තේ හැන්දක්
**වතුර කෝප්ප 01ක්
වැලි භාජනයකට දාලා Corn පිටි එක්කරමින් අනාගන්න. වතුර සහ dish soap වෙනම දියකරගන්න.දැන් මේ දෙකම එකට එකතු කරලා හොදින් මිශ්‍ර කරගන්න. 💛💛
**සිනිදු වැලි
**පිටි කෝප්ප 02
** හීනියට ගාගත්ත දෙහි පොත්තක් එකතු කරන්න අමතක කරන්න එපා
**පොල්තෙල් කෝප්ප 1/3
මේ ඔක්කොම එකතුකරලා හොදින් අනාගන්න.
අපිනම් කටේ දාන්න වුනත් එපා කියන්නෙ නෑ
Moon sand අපි දෙනවා පුන්චි බබලටත්
අවුරුද්දේ වගේ. ටිකක් කටේ දැම්මම ආයේ දාන්නෙ නෑ 😂
තව ගොඩාක් තියනවා....ඉතිරි ටික අනිත් දවසේ
ඉතින් ඔයාලට මේවා හදාගන්න කම්මැලි නම් අපිට message එකක් දාන්නකෝ
Happy play!!