පන්තිකාමරයෙන් පාටපෙට්ටියෙන් එහා ගිය ලෝකයක් තියන බව,
පුoචි හිත්වල තියන අසීමිත කුතුහලය අකුරක හැඩතල වලින් සම්පූර්ණ කරන්න බැරි බව දැන් අම්මලා /තාත්තලා දන්නවා.
තව ටිකක් කතාකරමුද... අද මම කියලදෙන්නේ #සොබාදහමේ_වර්ණ ගැන.
පාටත් එක්ක අපි පෙරපාසලේදී මුලු දවසම ගතකරනවා. ඒත් අපි අද ගවේශණය කරන්නේ සොබාදහමේ රහස් පාටවල්.
එහෙමත් නැත්නම් අපි අද පරිසරය පාඩම ඇතුලෙම විද්‍යාව හා ගණිතය පාඩම් ඉගෙනගන්නයි යන්නේ.
පාට පෙට්ටියේ තියන පාට ඇතුලෙ හැන්ගුනු සොබාදහමේ පාට හොයාගෙන අපි ගවේශණයක යෙදුනු හැටි පහල පින්තූර වලින් ඔයාලට පේනවා.
මුල් පින්තූර තුනේ තියන ගණිත පාඩම #සමාන බව.
ඒක හරියටම පන්තිකාමරයේ හිරවෙලා රෝස පාට ගාපු රවුමට රෝස පාට පින්තූර යා කරන එක වගේමයි. හැබැයි ඊට වඩා ලොකු සoවර්දනයක් මේ එලිමහන් ගවේශණයේදී අපේ බබාලට ලැබෙනවා
දැන් විද්‍යාව.... හැමෝටම තමන් එලිමහනෙන් හොයාගත්ත දේවල් වලින් සොබාදහමේ පාට හදාගන්න වෙලාව...අදත් අපි ඉගෙනගන්නවා ගැටලු විසදන්න. මොන පාටද හදන්නේ.....
කොහොමද ඒ පාට හදන්නේ,
මොනවද ඒකට ගන්නේ
මොනවද එකට එකතුකරන්නේ?
තනියම විසදගන්න ප්‍රශ්න ගොඩක් පොඩ්ඩන්ට තියනවා. ඒ අතර ගුරුතුමී ඉගි මගින් උදව්වෙනවා.
හදාගත්ත පාට වලින් අපි නිර්මාණයක් කරන්නයි යන්නේ... සොබාදහම ගවේශණය කරලා අපි හොයාගත්ත අපේම පාටවල් වලින්
දැන් චිත්‍ර පාඩම
ඔන්න අදත් අකුරු ලියන්න නම් වෙලාවක් නෑ.
Images taken by internet. Images copyrights goes to Original creator and thanks for them to posting on Internet
මේ ලිපිය ලියන්නේ කුඩා ළමුන්ට පවතින ගැටලුවක් වන නින්දේදී මුත්‍රා පිටවීම ,එහෙමත් නැත්නම් රාත්‍රියේ ඇද තෙමා ගැනීම සම්බන්ධයෙන් ...... කුඩා ළමුන්ගේ මේ තත්ත්වය දෙමව්පියන්ට ද විශාල ගැටලුවක් වෙනවා.
වයස අවුරුදු 3 ට අඩු ළමයෙකු නින්දේදී ඇද තමා ගැනීම සාමාන්‍ය දෙයක් වුවද 3-5 ත් හෝ ඊටත් වැඩි ළමයෙකු නින්දෙන් මුත්‍රා පිට කරන්නේ නම් වෛද්‍යවරයකු හෝ මනෝඋපදේශකවර්‍වෙයෙකු වෙත ඉදිරිපත් කිරීම අත්‍යාවශ්‍ය කාර්‍යක් වෙනවා. වයස අවුරුදු 5 න් පසුව දීර්ඝ කාලයක් මේ තත්ත්වය පවතී නම් ඊට හේතුවක් විදිහට එය කිසියම් මානසික ගැටලුවක් නිසා ඇතිවන්නක් බවට අපිට උපකල්පනය කරන්න පුලුවන්.
මේ වගේ තත්ත්වක් ඇතිවෙන්න විශේෂයෙන්ම ,
🐥 දරුවා කෙරෙහි මවගේ,පියාගේ අවධානය නැති වීම හෝ අඩු වීම.
🐥 දරුවන් තුළ වෛරී සිතුවිලි ක්‍රියාත්මක වීම.
🐥 රාත්‍රි කලුවරට,අදුරට අධික ලෙස බියක් දැක්වීම.
🐥 ආදරය පිළිබඳ ගැටලු පැවතීම. (දෙමාපියන් සහ වැඩිහිටියන් එම දරුවට වඩා කුඩා ළමුන්ට හෝ වැඩිහිටි ළමුන්ට වැඩි ආදරයක් දැක්වීම )
🐥 දහවල් කාලයේ දැඩි දඩුවම් වලට ලක්වීම.
🐥 පසුදින පාසල් යාමට ඇති අකමැත්ත.
වගේ කරුණු කිහිපයක් බලපාන්න පුලුවන්.මේ වගේ තත්ත්වක් පවතින විට ,
🙏 අන් අය ඉදිරියේ ළමයා අපහාසයට ලක් කිරීම
🙏 ළමයාට දඩුවම් ලබාදීම නොකල යුතුය.
මේ තත්ත්වය මගහරවා ගැනීමට අපිට
👍නිදා ගැනීමට පෙර මුත්‍රා කිරීමට දරුවාට උපදෙස් දීම.
👍 ඇද තෙමා නොගත් දිනවලදී දරුවාට ත්‍යාගයක් ලබාදීමට කටයුතු කිරීම.
👍නින්දේදී දරුවාට යහපත් යෝජනා ලබාදීම.
👍භේදයකින් තොරව දරුවන් සියලුදෙනාටම ආදරය සෙනෙහස දැක්වීම.
වැනි ක්‍රම කිහිපයක් අනුගමනය කරන්න පුලුවන්.
නින්ද කියන්නෙත් ආහාර තරමටම දරුවන්ගේ සංවර්ධනයට වැදගත් සාධකයක්. කොහොම උනත් පුංචි දරුවෝ අල්ලල නිදි කරන එක නම් එක්තරා යුද්ධයක්
වයස අවුරුදු 1-2 අතර දරුවන්.
වයස අවුරුදු 1 -2 අතර දරුවන් දවසකට පැය 11-14 පමණ නිදාගන්න ඕනෙ. ඉතින් මේ නිසා මේ වයසේ දරුවන්ට අපි පෙරපාසලේදී nap time එකක් ලබාදෙනවා.මේ වයස වෙනකොට දවල් කාලයේ දෙවරක් නින්දට ගිය දරුවන් එක් වරක්පමණක් දක්වා නින්ද අඩු කරගෙන ඉන්න බව ඔයාල දකීවි අවුරුද්දේ ඉදන් අවුරුදු දෙක වෙනතුරු දරුවන් නිදහස්ව වැඩෙන්න වැඩි කැමැත්තක් දක්වනව වගේම එයාලගෙ චාලක ප්‍රජානන සහ සමාජීය සංවර්ධනය කලින්ට වඩා වේගවත් වෙනවා, මේ වේගවත් සංවර්ධනය දරුවාගේ නිදාගැනීමේ පුරුදු වලට බලපානවා, එයාල හරිම කාර්‍ය බහුලව සංවර්ධන ක්‍රියාවලියේ ඉන්න නිසා මේ කාලයේ එයාලට කරන්න වැඩ ගොඩාක් තියනවා...වේගවත් සංවර්ධනයට අදාල ක්‍රියාකාරකම් නිසා එයාල නින්ද ප්‍රතික්ශේප කරනවා අපි දකිනවා. අඩු නින්ද නිසා ඉක්මනින් වෙනස් වෙන මනෝභාවයන් අපිට මේ වයසේ පොඩ්ඩන්ගෙන් නිතර දකින්න ලැබෙන දෙයක්..කොහොමවුනත් ප්‍රමාණවත් නින්දක් නොලැබීම මේ වයසේ පොඩ්ඩන්ගේ චර්‍යාරටා සදහාත් බලපාන නිසා නොනිදන දරුවන් ටිකක් විතර වැඩියෙන් naughty වීම දකින්න පුලුවන් වේවි.
ඒ නිසා මේ වයසේදී ප්‍රමාණවත් නින්දක් අනිවාර්යයෙන්ම ලබාදෙන්න අපි care centers වලදී nap rooms හෝ snuggle corners ලබාදෙනවා. එහෙම කරන්නේ අඩු නින්ද දරුවාගේ සංවර්ධනයට අහිතකර ලෙස බලපාන නිසයි.
ස්ථිර සහ ක්‍රමවත් bedtime routine එකක් අනුගමනය කිරීම නින්ද මගහැරීම වල්ක්වාගන්න මේ කාලයේදී ඔයාලට උදව් වේවි.
අපි හිතමු බබා දවල්ට කාලා අම්ම එක්ක කතා පොතක් කියවලා ටිකක් නිදාගන්නවා. අපි ඒක හැමදාම ඒ වෙලාවට කරනව නම් ඒ වෙලාව එද්දී පොඩ්ඩා දන්නවා මේ තමයි නිදියන වෙලාව කියලා.මේ විදිහට bedtime routine එකක් පුහුණු කරවීමෙන් එයාගේ මොළයේ වේගවත් ක්‍රියාකාරීත්වයත් නින්දට වෙලාව හදුනාගෙන දරුවා අදාල වෙලාවේදී සන්සුන් කරන්න උපකාරී වෙනවා.
මෑතකාලීනව නින්ද සහ වයස අවුරුදු 0 - 3 අතර දරුවන් ගැන සිදුකල පරීක්ෂණ වලදී ( Millennium Cohort Study) දරුවන්ගේ කියවීමේ (භාශා) කුසලතා,ගණිත කුසලතා, සහ අවකාශය පිලිබද දැණුම කෙරෙහි අඩු නින්ද බලපෑම් කරන බව හදුනාගෙන තියනවා. ඉහත පරීක්ෂණ සදහා ඒ වයසේ දරුවන් 11,000 යොදාගැනුන අතර මේ වයසේ දරුවන්ට නියමිත පැය ගනනක නින්ද කෑම තරමටම අවශ්‍ය බවයි ඉහත පරීක්ෂණ වලින් සොයාගැනෙන්නේ
වයස අවුරුදු 3-5 අතර පොඩිත්තන්
මේ වයසේ දරුවන් දවසකට පැය 11-13 කාලයක් නිදාගන්න බවයි අපි ඉගෙනගන්නේ.. හීන දකින්න එහෙම බබාලා පටන්ගන්නේ මේ වයසට ලංවෙද්දියි...හරි නින්දක් නොලැබීම නිසා දරුවන් නොසන්සුන් වීමත් ප්‍රතිශක්තිය දුර්වල වීමත් සිදුවෙන බව අපි ඉගෙනගන්නවා.ශරීරයට අවශ්‍ය කරන විවේකය නිසි පරිදි නොලැබෙනකොට නැවත ක්‍රියාකාරී වීමට අවශ්‍ය ශක්තිය ශරීරයට නැති වෙනවා. ඒ වගේම අවශ්‍ය පමන නින්ද නොලැබීම එයාලගෙ ප්‍රජානන සංවර්ධනයට සහ චර්‍යා රටා වගේම භෞතික සංවර්ධනය කෙරෙහි අහිතකර ලෙස බලපානවා.
වයස අවුරුදු 6-13 අතර දරුවන්
මේ වයසේ දරුවන් දවසකට පැය 9-11අතර කාලයක් නිදාගන්න ඕනෙ කියල තමයි කියන්නේ
දරුවන් රැකගනිමු !
අම්මා අද මාමා මාත් එක්ක සෙල්ලම් කලා
ඇත්තටම ? මොනවගේ සෙල්ලම් ද?
එයා මාව වඩාගත්තා
Safe touch ද Bad touch ද?
දරුවන් අනතුරේ වැටෙන්නට පෙර හදුනාගන්න.
සෑම රාත්‍රියකම දරුවා සමග කතාකරන්න...
" අද දවස මොනවගේද පුතා... සෙල්ලම් කරද්දී Bad touch තිබුනද?"
දවසෙන් විනාඩි දෙකක් දරුවා රැකගන්නට වැය කරන්න 💖🙏
හොද දරුවන් ලෝකයට අත්‍යාවශ්‍ය යුගයක ඒ වෙනුවෙන් පුංචි කාලයක් යොදවමු.... පුලුවන් තරම් දිගට හැම පාටකින්ම හැම term එකකටම දම්වැලක් හදන්න.....අපි ආදරය කරන අපිවටේ රැදෙන දෙමාපියන් නෑදෑයන් යහලුවන් අපි වෙනුවෙන් මොනතරම් දේ කරනවාද....ඒ වෙනුවෙන් අපිට ලෝකයට ලබාදියහැකි හොද දේවල් මොනවාද.....
අපි චුට්ටක් කතා කරමු...
ලෝකයෙන් ආදරය ලැබීමටත් ලෝකයට ආදරය කිරීමටත් දන්නා තනි නොවූ ගුණවත් දරුවන් ලෝකයට දයාද කරමු!
ළමා ප්‍රජානන සංවර්ධනය සිද්දවෙන්නේ හරිම වේගවත්ව.මුල් ලමාවියේදී භාවිතයට ගතහැකි සම්කර්පණ එහෙමත් නැත්නම් synapses විශාල ප්‍රමාණයක් මොලය මගින් නිපදවනවා. ඒ වගේම භාවිතයට නොගන්නා මේ synapses පසු කාලයේදී නැතිවී යනවා.
ඔයාලා අහල ඇති USE OR LOSE කියලා දෙයක්.
ඉතින්,
භාවිතයට ගතහැකි මේ synapses නිර්මානය වෙන අවස්තාවේදී ඒවා උපරිමව භාවිතා කලහැකි විදිහට පලදායී ඉගෙනුම් අවස්තා ලබාදීම අපි මුල් ලමාවියේදී කලයුතුයි.
දරුවන් අත්දැකීම් ලබන්නේ සීමා සහිතවයි. නිවස පාසල ඇරුනම වැඩිහිටියන් එක්කම රැදෙන එයාලාට අත්දැකීම් ලබන්න හැමදාමත් තියන්නේ එකම පරිසර තත්වයන් වෙන්න පුලුවන්. ඉතින් අපිට පුලුවන් වෙන්න ඕනේ මේ පරිසර තත්වයන් උපරිම පලදායීතාවයකින් ඉගෙනුම් අත්දැකීම් සදහා භාවිතා කරන්න.
පෙරපාසලක නම් අපි සැලසුම් සහගතව මේ ඉගෙනුම් අවස්තා සැලසුම් කරනවා. නමුත් අකුරු වලින් යටවෙලා පන්ති කාමරයේ හිරවෙද්දි නම් දරුවන්ට සoවර්දනයට තියෙන අවස්තා ගිලිහී යාවි. ඒ නිසා ඔබේ දරුවාගේ පෙරපාසල හොදම පෙරපාසලද කියලා හරිම කල්පනාකාරීව හොයල බලන්න දෙමාපියන්ට සිදුවෙනවා.
හෙට ඉරිදනේ.... අම්මයි තාත්තයි දෙන්නම ගෙදර. අපි ටිකක් එලියට යමුද??
දුරකට නෙමෙයි අපි යමු මිදුලට
මොනවද අපි අවට තියන ගස් වැල්.. මොනවද ඒ ගස් වල නම්
ගස් වලටයි බබාටයි විතරද නම් තියෙන්නේ
ඇයි ගල්??
ගල්වලටත් නම් තියනවා
හැම ගහක්ම එක වගේද... වෙනස් වෙනස් මතුපිටවල් වෙනස් වෙනස් පාටවල් තියන ගල් මොනවද ?
එහෙම වෙනස් දේවල් කොච්චරක් අපේ මිදුලෙ තියනවද ...
'මේ ඔක්කොම වෙනස් කම් එකතුකරලා බබාට කරන්න පුලුවන් මොනවද????"
බබාට ඕනේ පාට දෙන්නේ මොන ගහේ මොන කොලයද.... බබා අම්මව හදනවනම් ඇස් වලට ගන්න හොදම දේ මොකක්ද.....??
අපි ඉගෙනගමුද.... තීරණ ගන්න... හිතන්න
ගැටලු විසදන්න!!
ඇයි පරිසර පාඩම
ඒ වගේම අලුත් දෙයක් නිර්මාණය කරන්න
මේ පහලින් තියෙන්නේ අපේ දරුවෝ පරිසර ගවේශනයේදී කල නිර්මාණ