"දරුවන්ගේ හැසිරීම" ගැන කතාබහ කරන හැම වෙලාවකම අපි මතකතියාගන්න ඕනෙ දෙයක් තියනවා.ඒ තමයි හැසිරීම කියලා අපි කතාබහ කරන්නේ දරුවන්ගේ ක්‍රියාකාරකම් ගැන බව.දරුවෙකුගේ හැම හැසිරීමක්ම දරුවා දක්වන ප්‍රතිචාරයක් හෝ දරුවාගේ ක්‍රියාකාරකමක් බව අපි මතක තබා ගත යුතුයි. දරුවකුගේ ක්‍රියාත්මක වීම කියලා කියන්නේ දරුවකු ඔහු හෝ ඇය සිටින පරිසරයට දක්වන ප්රතිචාරයයි.ශාරීරිකව සමාජීයව හෝ වෙනත් යම් කිසි ආකාරයකට දරුවා ක්‍රියාත්මක වන සෑම විටකම ක්‍රියාව සහ ප්‍රතිචාර යන කරුණු මත දරුවාගේ හැසිරීම තීරණය වෙනවා.ඒ නිසා දරුවෙකුගේ හැසිරීම ගැන තීන්දු තීරණ ගන්න නම් වැඩිහිටියා ඉතාම සාධාරණ ලෙස ප්‍රතිචාරාත්මක ක්‍රියාවට මුල් වූ හේතු සලකා බැලිය යුතු වෙනවා.
මගේ යටතේ පවතින පෙරපාසලක සිදු වූ පහත අවස්ථාව සලකා බලමු .
වයස අවුරුදු 4ක් වූ සිනෙත් ලී කැබලි වලින් සෙල්ලම් කරමින් ඉන්නවා.ඔහුගේ පන්තිය තවත් කුඩා පිරිමි දරුවන් තුන්දෙනෙක් ඔහු වටා එක් රැස් වී සිටින අතර සිනෙත් ලී කැබලි වලින් සෙල්ලම් කරන ගමන් අනෙක් දරුවන් කරන්න ඕන දේ නියම කරමින් නායකත්වය දෙනවා. මොහොතකින් එතනට පැමිණ ගුරුතුමිය සෙල්ලම් කාලය අවසාන බවත් සිනෙත් ඇතුලු දරුවන් නැවත පන්ති කාමරයට යා යුතු බවත් පවසනවා.
පුංචි සිනෙත් නැවත පංතියට යාම ප්‍රතික්ෂේප කරනවා අකමැත්ත ප්‍රකාශ කිරීම සඳහා සිනෙත් ඔහු විසින් ගොඩනගන ලද කුළුණ කඩා විසිකරනවා. ගුරුතුමිය විසින් කුඩා ලී කැබලි නැවත එකතු කළ යුතු බවත් එය අවසාන වූ විට පංතියට පැමිණිය යුතු බවත් සිනෙත් පුතාට කියනවා. නමුත් ඔහු ප්‍රතික්ෂේප කරමින් අඩමින් බිම පෙරලෙනවා.
මෙවැනි අවස්ථා අනන්තවත් ඔබට ගෙදරදී අත් දකින්නට ලැබෙනවා ඇති සෑම දරුවකුම එකිනෙකාට වෙනස් වන අතර එක දරුවෙකු සමග නිවසේ සිටින ඔබ නොදකින දරුවන්ගේ මෙවැනි හැසිරීම්, ගුරුවරුන් ලෙස අපි නිතර දකිනවා.
ඒ වගේම මේ සිදුවීම ඔබ දකින්නේ මුරණ්ඩු කම විදිහට උනත් අපි දකින්නේ එහෙම නෙමෙයි. ඒ දරුවාගේ හැසිරීම ගැන අපි තීරණ ගන්නේ guiding lenses තුලින් නිසා.
ඕනෑම දරුවෙකුගේ මෙවැනි හැසිරීම ඔහුගේ ශාරීරික සමාජීය, භාශා සහ බුද්ධිමය කුසලතාවන්ගේ වෙනස මත රඳා පවතිනවා.
දරුවෙකුගේ හැසිරීම තීරණය වන්නේ සාධක ගණනාවක් මතයි
පාරිසරික සාධක- දරුවා සිටින පරිසරය ඇතුළත පරිසරයක්ද පිටත පරිසරයක්ද භාවිතා කරන උපකරණ මොනවාද යන කරුණු මත
පුංචි සිනෙත්ගේ කතාවේදී අපි ඔහුගේ හැසිරීම ගැන කේන්තිගන්න කලින් ඉහත කරුණු සියල්ල සලකා බලනවා.
මොකද අපි ඒ ක්‍රියාව දකින්නේ Guiding lenses තුලින් නිසා? දරුවෙකුගේ ක්‍රියාව යට තියන හේතු දකින්න අපි පාවිච්චි කරන කණ්නාඩිය තමයි ඒ.
මොනවද මේ guiding lenses??
guidance හෙමත් නැත්නම් මගපෙන්වීම මගින් අපි දරුවන්ට ඔවුන්ගේ හැඟීම් සහ ප්‍රතිචාර පාලනය කිරීමට කියාදෙනවා.
හැඟීම් හසුරවා ගැනීමට, අපහසුතා වටහාගැනීමට , ගැටලු හඳුනා ගැනීමට උගන්වනවා.
මේ ඕනෑම හැසිරීමක් සඳහා ක්ෂණික විසඳුම් නැහැ.මේ පුංචි මිනිස්සු තාමත් ලෝකය උගෙනිමින් ඉන්නවා ඒ නිසා අතර අප විසින් එක් අවස්ථා සදහා ඉතාම සාධාරණ ලෙස ක්‍රියාත්මක වෙන්න ඕනේ.ඒ වගේම අපි සාධාරණ බව එයාලට දැනෙන්නත් ඕනේ.
එක් අවස්ථාවක භාවිත කිරීමට තීරණය කරන ක්‍රියාකාරකම් හා මඟ පෙන්වීම් තවත් අවස්ථාවකට නොගැලපෙන්න පුළුවන්.
දරුවෙකුට නිවැරදි ලෙස ගැලපෙන ධනාත්මක මගපෙන්වීමක් සඳහා දරුවා වටහාගැනීම, අවස්ථාව අවබෝධ කරගැනීම, සහ අදාල වැඩිහිටියා සමග දරුවාගේ සම්බන්ධය යන කරුණු තුනම නිවැරදි ලෙස ක්‍රියාත්මක විය යුතුයි.
පුංචි සිනෙත්ගේ කථාවේදී අපි සිනෙත් ගේ කුළුණ සෑදීමේ උනන්දුව සහ එයින් ඔහු ලබන උගෙණුම සලකා බැලිය යුතු වෙනවා. ඒ නිසා අදට අමතර කාලයක් අපිට ලබාදිය හැකිව තිබුනා. නමුත් ගුරුතුමිය ඊලග පාඩමට යා යුතු බැවින් කුළුණ සෑදීම සහ නිමා කිරීම කල නොහැකි බව සිනෙත් ගේ බලාපොරොත්තු බිද දමන කරුණක් කියන එක වටහා ගත්තොත් සිනෙත් කොහෙත්ම මුරණ්ඩු දරුවෙකු ලෙස හැදින්වෙන්නේ නැහැ. අන්න ඒ නිගමනයට නොඑලඹී කරන මගපෙන්වීම තමයි නිවැරදි මග පෙන්වීම වන්නේ. .
පුද්ගලයෙකුගේ හැසිරීම තීරණය වන සාධක ලෙස න්‍යායාත්මකව ජාන, පාරිසරික බලපෑම සහ අත්දැකීම් හදුන්වා දෙනවා තමයි.මේ සාධක හැසිරීම් නිර්මාණය කිරීමට බලපානවා වගේම , ඒ තරමටම වැදගත් තවත් සාධකයක් ලෙස දරුවන් තම සංවර්ධන අවධි හරහා යෙදෙන ගමන සහ සංවර්ධනය කරා යන ගමනේ පසු කරන පියවර වල බලපෑම හඳුන්වා දෙන්න පුළුවන්.
මේ වයසේ දරුවන්ගේ හැසිරීම ගැන තීරණ ගැනීමේදී,
"අම්ම තාත්ත කරන ඒව තමයි" ජාන වලින් එන ඒවා....ඕව ඉතින් හදන්න්න බෑ"
" මේ ළමයා මහ කපටි ළමයෙක්" "පුදුම මුරණ්ඩු ළමයෙක් නේ"
වගේ දේවල් කියන්න කලින්....මේ වයසේදී ජාන , පාරිසරිම සාධක හෝ අත්දැකීම් ඉක්මවා දරුවාගේ ස්වභාවික සංවර්ධන අදියරයන් ගේ බලපෑම ඉස්මතු වෙන බව දෙමව්පියන් සහ ගුරුවරුන් ලෙස අපි වටහා ගත යුතුයි.
පහත තියෙන්නේ ගුරුවරයෙකු විසින් දරුවෙකු දැකීමට භාවිතා කරන guiding lenses. ඊළග දවසේ දරුවා දිහා මේ magic කණ්නාඩිය දාගෙන බලන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා